ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்

Land Commissioner General's Department

Ministry of Agriculture, Livestock, Land and Irrigation

පුවත්

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය (2025) කාන්තා ශූරතාවය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් අවසන් මහා තරගයේදී පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාණ්ඩායම පරාජය කරමින් දිනාගන්නා ලදී. එහි තරගාවලියේ වීරයා සම්මානය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක අශා ගජනායක විසින්ද තරාගාවලියේ හොදම පිතිකරු සම්මානය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ දිලානි ජයවර්ධන විසින්ද දිනා ගන්නා ලදී.


ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් ඌව පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල සියල්ලක්ම ආවරණය වන පරිදි ඉඩම් නිළධාරීන්, ජනපද නිළධාරීන් හා විෂය නිළධාරීන් වෙනුවෙන් රජයේ ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත බැහැර කිරීමට අදාළ න්‍යායාත්මක කරුණු හා බදු ගණනය කිරීම් ආශ්‍රිත චක්‍රලේඛ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා වන දෙදින පුහුණු වැඩමුළුවක් 2025.09.18,19 දෙදින ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් ඌව කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදි


ඌව පළාතේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි ඉඩම් නිළධාරී, ජනපද නිලධාරි සහ ඉඩම් රාජකාරි සිදුකරන විෂය නිලධාරීන් වෙනුවෙන්, රජයේ ඉඩම් තොරතුරු සහ කළමනාකරණය පද්ධතිය හෙවත් e-Slims පද්ධතිය හරහා බදු ලෙජර් යාවත්කාලීන කිරිම, බදු නිර්දේශ යොමු කිරීම, වාර්ෂික අවසරපත්‍ර නිකුත් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් 2025.09.18 සහ 19 දෙදින පස්සර පැල්ගහතැන්න දිස්ත්‍රික් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන්, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.


රජයේ ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය (e-Slims) හරහා ඉඩම් දත්ත පද්ධතිය සකස් කිරීම, බදු ලෙජර් යාවත්කාලීන කර පවත්වා ගැනීම සහ යෝජිත ඩිජිටල් බදු ගෙවීමේ ප්‍රවේශය සම්බන්ධව මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, මාතලේ දිස්ත්‍රික් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී 2025.09.10 දින පවත්වන ලදී.

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වය යටතේ මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.


රජයේ ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය හරහා ඉඩම් දත්ත පද්ධතිය සකස් කිරීම, බදු ලෙජර් යාවත්කාලීන කර පවත්වා ගැනීම සහ යෝජිත ඩිජිටල් බදු ගෙවීමේ ප්‍රවේශය සම්බන්ධව මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, ගුරුදෙණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයේ දී 2025.09.04 දින පවත්වන ලදී.

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වය යටතේ මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.


රජයේ ඉඩම් තොරතුරු කලමණාකරන පද්ධතිය හරහා වාර්ෂික බදු සහ දීරඝ කාලීන බදු නිර්දේශ යොමු කිරීම සහ බදු ලෙජරය යාවත්කාලීන කර පවත්වාගැනීම සම්බන්ධ පුහුණු වැඩසටහනක්, රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් අංශයන්හි ඉඩම් නිළධාරීන් සහ ඉඩම් විෂය නිලධාරීන් වෙනුවෙන්, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වය යටතේ, සබරගමුව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන් පවත්වන ලදී. මෙම දෙදින වැඩසටහන, 2025.09.02 සහ 03 දිනයන් වල පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේදී පවත්වන ලදී.


සෙයිරි සතිය ඇරඹෙයි..

"Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව, දිවයිනේ සියලුම රාජ්‍ය ආයතන තුළ 2025 සැප්තැම්බර් මස 1 වන දින සිට 4 වන දින දක්වා ක්‍රියාත්මක "සෙයිරි සතිය" ට සමගාමීව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ අනවශ්‍ය දෑ ඉවත්කොට කාර්යාල පරීශ්‍රය මනාව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරන අයුරු...


ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ අතිරේක ඉඩම් කොමසාරිස් ජනරාල් ලෙස ඉෂාන්ති බුද්ධිනී ගුණවර්ධන මහත්මිය අද දින වැඩ භාරගන්නා ලද අතර මෙතුමිය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ පළමු අතිරේක ඉඩම් කොමසාරිස් ජනරාල්තුමියයි.


වයඹ වනජීවී කළාපයේ ඉතා වැදගත් අභය භූමියක් වන කහල්ල පල්ලේකැලේ අභය භූමිය තුළ දීර්ඝ කාලයක සිට පදිංචි සිටින ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම, කහල්ල පල්ලේකැලේ අභයභූමිය තුළ පිහිටා ඇති එම අභයභූමිය සහ ගල්ගමුව අවට කළාපයේ අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ ජල අවශ්‍යතා සපුරන ප්‍රධාන මූලශ්‍රයක් වන හක්වටුනාව වැව් රක්ෂිතය මැන මායිම් ලකුණු කර වැව රක්ෂිතය ආරක්ෂා කිරීම හා කලමඩු ඇල රක්ෂිතය තුළ පිහිටා ඇති කලමඩුව වැව ඇතුළු ඉපැරණි වැව් පිළිසකර කර වනඅලින් ඇතුළු වනජීවීන්ට ජලය හා ආහාර අවශ්‍යතාවයන් රක්ෂිතය තුළින්ම සපයා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම තුළින් අලි මිනිස් ගැටුමට ස්ථීරසාර විසදුම් යෝජනා කි‍රීම සදහා අදාළ නිලධාරීන්, මහජනතාව හා දේශපාලන අධිකාරිය එක්ව ක්ෂේත්‍ර චාරිකාවක් 2025.08.22 දින දවස පුරා සිදුකෙරිණ.

මෙම අවස්ථාවට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු නාමල් කරුණාරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු නීතිඥ ගීතා හේරත් මහත්මිය, පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමන්, අතිරේක ලේකම්තුමා, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමන්, වයඹ ආණ්ඩුකාරවර ලේකම් තුමා, පළාත් ඉඩම් කොමසාරිස්තුමා, කුරුණෑගල වාරිමාර්ග අධ්‍යක්ෂ තුමිය, පොල්පිතිගම ප්‍රාදේශීයතුමා, කුරුණෑගල දිසාවන නිලධාරීතුමා, දිස්ත්‍රීක් වනජීවී සහකාර අධ්‍යක්ෂතුමා, ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැන්, ප්‍රදේශවාසීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූ අතර, ඉඩම් කොමසාරිස් ජනරාල්තුමන් නියෝජනය කරමින් සහකාර ඉඩම් කොමසාරිස් ජනක ඩී. බණ්ඩාර හේරත් මහතා සහභාගි විය.


2025.08.13,14 දෙදින අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොවිසඳුනු ඉඩම් ගැටලු වලට අදාළව පැවති ක්ෂේත්‍ර පරීක්ෂණ හා ඉදිරි කටයුතු සිදු වීමකින් තොරව පැවති දීර්ඝ කාලීන බදු ගොනු 1000කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂාව හා ගොනු වලට අදාළව ඉදිරි කටයුතු කිරීම ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, අනුරාධපුර අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්‍යාලය හා අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල සහභාගීත්වයෙන් උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තු පරිශ්‍රයෙහිදී සාර්ථකව නිමාවට පත් විය. 2025.08.15 දින ඊට සමගාමීව ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ මෙහෙයවීම මත කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ඇතුළු අනෙකුත් ඉඩම් හා සම්බන්ධ සියලු ආයතන වල සහභාගීත්වයෙන් රජයේ ඉඩම් කළමනාකරණය හා ගැටලු විසඳීම සඳහා වන සාකාච්ඡාවක් පැවැති අතර රජයේ ඉඩම් රාජකාරි හා සබැඳි ගැටලු බොහොමයක් එහිදී සාකච්ඡාවට බඳුන් විය


කතුහිමිකම © 2026 ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.