ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்
Land Commissioner General's Department
Ministry of Agriculture, Livestock, Land and Irrigation
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් අන්තර් පළාත් කාර්යාලවලට අනුයුක්ත ජනපද නිලධාරීන්ගේ වෘත්තීය දැනුම සහ ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද දෙදින මැනුම්කරණ හා සිතියම්කරණ පුහුණු වැඩමුළුවෙහි දෙවන අදියර පසුගියදා දියතලාවේ පිහිටි මැනුම්කරණ හා සිතියම්කරණ ආයතනයේදී සාර්ථකව පැවැත්විණි. වැඩසටහන් සැලස්ම, සම්පත්දායකයන්ගේ දායකත්වය සහ පුහුණු සැසි මෙහෙයවීම ඇතුළු සියලු කටයුතු මැනුම්කරණ හා සිතියම්කරණ ආයතනය විසින් සිදු කරන ලද අතර, මැනුම්කරණයේ මූලික සංකල්ප, සිතියම් කියවීම හා විශ්ලේෂණය, භූමි මිනුම් ක්‍රමවේද, නවීන මැනුම් තාක්ෂණය සහ ජනපද නිලධාරීන්ගේ දෛනික රාජකාරි සඳහා අදාළ ප්‍රායෝගික කරුණු පිළිබඳ පුළුල් දැනුමක් සහ ප්‍රායෝගික පුහුණුවක් නිලධාරීන්ට ලබා දෙන ලදී.
මෙම වැඩසටහන තුළ දේශනවලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම්, අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ක්ෂේත්‍රය තුළ භාවිත වන නව තාක්ෂණික ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම ද සිදු වූ අතර, සහභාගී වූ ජනපද නිලධාරීන් එම සැසි සඳහා ඉතා උනන්දුවෙන් සහ ක්‍රියාකාරීව දායක වූහ.
ඉඩම් පරිපාලන ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ජනපද නිලධාරීන්ගේ වෘත්තීය හැකියාවන් අඛණ්ඩව සංවර්ධනය කිරීම ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ අරමුණක් වන අතර, එහි තවත් පියවරක් ලෙස මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබාදුන් මැනුම්කරණ හා සිතියම්කරණ ආයතනයේ අධ්‍යක්ෂතුමිය, නියෝජ්‍ය සර්වේයර් ජනරාල්(අධ්‍යන) ඇතුළු සියලු සම්පත්දායක මහත්ම මහත්මීන්ට සහ සංවිධාන කටයුතුවලට දායක වූ සියලු නිලධාරීන්ට ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සිය කෘතඥතාව පළ කරයි.
මහියංගණය අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ගැමුණුපුර ජනපද ව්‍යාපාරයේ ප්‍රතිලාභීන් වෙත ඉඩම් බලපත්‍ර 46ක් ප්‍රදානය කිරීමේ උත්සවය 2026 ජූලි 30 වන දින මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 'සම්භාෂණී' ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහියංගණය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුදත් බලගල්ල මහතා සහභාගී වූ අතර, විශේෂ ආරාධිත අමුත්තිය ලෙස මහියංගණය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිනි නීතිඥ උපේක්ෂා විජේතුංග මහත්මිය ද මෙම අවස්ථාවට එක්විය.
මෙම වැඩසටහන සදහා මහියංගණය අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ඉඩම් බලපත්‍ර ප්‍රදානය තුළින් ප්‍රතිලාභීන්ට නීත්‍යානුකූලව ඉඩම් බුක්තිවිදීමේ අයිතිය තහවුරු කර දීම මෙන්ම ඔවුන්ගේ සමාජ හා ආර්ථික සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් තැබීමට හැකිවිය.
රාජ්‍ය පරිපාලනය තුළ විනය, විනිවිදභාවය, වගවීම සහ යහපාලන මූලධර්ම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “සුපිළිපන් සතිය” නිමිත්තෙන්, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සුපිළිපන් ප්‍රතිඥාව කියවීමේ වැඩසටහන අද දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවේදී සියලු නිලධාරීන් රාජ්‍ය සේවකයන් ලෙස නීතියට ගරු කරමින්, අල්ලස් හා දූෂණයෙන් තොර, අවංක, විනිවිදභාවයෙන් යුතු සහ මහජන හිතකාමී සේවාවක් සැපයීමට කැපවී කටයුතු කරන බවට ප්‍රතිඥා ලබාදුන්හ.
මෙවර සුපිළිපන් සතිය 2026 ජූලි 27 සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය ආයතන තුළ සදාචාරාත්මක පරිපාලන සංස්කෘතියක් ගොඩනැගීම, අල්ලස් හා දූෂණය වැළැක්වීම, වගවීම සහ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම මෙන්ම රාජ්‍ය සේවය කෙරෙහි මහජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම එහි ප්‍රධාන අරමුණු වේ.
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ද මෙම ජාතික වැඩසටහනට එක්වෙමින්, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා තම ආයතනික කැපවීම යළිත් තහවුරු කරන ලදී.
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් අන්තර් පළාත් කාර්යාලවලට අනුයුක්ත ජනපද නිලධාරීන්ගේ වෘත්තීය දැනුම සහ ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද දෙදින මැනුම්කරණ හා සිතියම්කරණ පුහුණු වැඩසටහන පසුගියදා දියතලාවේ පිහිටි මැනුම්කරණ හා සිතියම්කරණ ආයතනයේදී සාර්ථකව පැවැත්විණි. වැඩසටහන් සැලස්ම, සම්පත්දායකයන්ගේ දායකත්වය සහ පුහුණු සැසි මෙහෙයවීම ඇතුළු සියලු කටයුතු මැනුම්කරණ හා සිතියම්කරණ ආයතනය විසින් සිදු කරන ලද අතර, මැනුම්කරණයේ මූලික සංකල්ප, සිතියම් කියවීම හා විශ්ලේෂණය, භූමි මිනුම් ක්‍රමවේද, නවීන මැනුම් තාක්ෂණය සහ ජනපද නිලධාරීන්ගේ දෛනික රාජකාරි සඳහා අදාළ ප්‍රායෝගික කරුණු පිළිබඳ පුළුල් දැනුමක් සහ ප්‍රායෝගික පුහුණුවක් නිලධාරීන්ට ලබා දෙන ලදී.
මෙම වැඩසටහන තුළ දේශනවලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම්, අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ක්ෂේත්‍රය තුළ භාවිත වන නව තාක්ෂණික ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම ද සිදු වූ අතර, සහභාගී වූ ජනපද නිලධාරීන් එම සැසි සඳහා ඉතා උනන්දුවෙන් සහ ක්‍රියාකාරීව දායක වූහ.
ඉඩම් පරිපාලන ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ජනපද නිලධාරීන්ගේ වෘත්තීය හැකියාවන් අඛණ්ඩව සංවර්ධනය කිරීම ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ අරමුණක් වන අතර, එහි එක් පියවරක් ලෙස මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබාදුන් මැනුම්කරණ හා සිතියම්කරණ ආයතනයේ අධ්‍යක්ෂතුමිය, නියෝජ්‍ය සර්වේයර් ජනරාල්(අධ්‍යන) ඇතුළු සියලු සම්පත්දායක මහත්ම මහත්මීන්ට සහ සංවිධාන කටයුතුවලට දායක වූ සියලු නිලධාරීන්ට ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සිය කෘතඥතාව පළ කරයි.
ඉඩම් කොමසාරිස් ජනරාල්තුමාගේ සහභාගීත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු විසඳීම අරමුණු කරගනිමින් ජංගම සේවා වැඩසටහනක් පසුගියදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මේ සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින්, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පළාත් ඉඩම් කොමසාරිස් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් නිලධාරීන් සම්බන්ධ විය.
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත පත්වීම් ලද නවක කළමනාකරණ සේවා නිලධාරීන් පිලිගැනීමේ සහ යහපත් රාජ්‍ය සේවයක් වෙත දිශාගත කිරීමේ තෙදින වැඩමුළුවක් පසුගිය බදාදා ආරම්භ කරන ලදී.
එහිදී පළමු දින නවක කළමනාකරණ සේවා නිලධාරීන් පිළිගැනීම ඉඩම් කොමසාරිස් ජනරාල් තුමාගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි. දෙවන දින "මම සම්පතක් වන්නේ කෙසේද" යන මාතෘකාව ඔස්සේ සංවිධානය කරන ලද විශේෂ පුහුණු වැඩසටහනක් විශ්‍රාමික, පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ තනතුරු දරන ලද ප්‍රදීපා සේරසිංහ මහත්මියගේ සම්පත්දායකත්වයෙන් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
මෙහිදී රාජ්‍ය සේවයට එක් වූ නවක නිලධාරීන්ගේ ආකල්ප සංවර්ධනය කරමින්, මහජනතාව වෙනුවෙන් උපරිම කැපවීමකින්, කාර්යක්ෂමතාවයකින් සහ ඵලදායීතාවයකින් යුතුව සේවය සැලසීමේ වැදගත්කම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
තෙදින පුහුණු වැඩසටහනෙහි අවසාන දිනය වන අද දිනයේදී දෙපාර්තමේන්තුව සතු e-Slims පද්ධතිය පිළිබද මූලික හැදින්වීමක් රත්මලාන තොරතුරු මධස්ථාන පර්ශ්‍රයේදී සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
ඉඩම් කොමසාරිස් ජනරාල්තුමාගේ මඟපෙන්වීම යටතේ, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා ආකල්ප වර්ධනය පිළිබඳ විශේෂ දේශනයක් පසුගියදා සාර්ථකව පැවැත්විණි. මෙම දේශනය සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුවේ ලලිත් සුමනසිරි මහතා විසිනි.
මෙම වැඩසටහන සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන් මෙන්ම ඉඩම් අමාත්‍යාංශයේ සහ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව, ධනාත්මක ආකල්ප හා වෘත්තීයමය වටිනාකම් තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම දේශනය සඳහා වටිනා සම්පත් දායකත්වයක් ලබාදුන් ලලිත් සුමනසිරි මහතාට ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ හෘදයාංගම ස්තුතිය පිරිනැමේ.
ගරු. ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල් තුමාගේ සහභාගිත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසදීම අරමුණු කර ගනිමින් ජංගම සේවා වැඩසටහනක් පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මේ සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙහි නිලධාරින්, පළාත් ඉඩම් කොමසාරිස් සහ අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයන්හි නිලධාරින් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් නිලධාරින් සම්බන්ධ විය.
ඩෙංගු මර්දන සතියට සමගාමීව, මිහිකත මැදුර ගොඩනැගිල්ලේ කාර්යාල පවත්වාගෙන යන ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉඩම් අංශය යන ආයතන තුනෙහි මාණ්ඩලික නිලධාරීන්, විෂය නිලධාරීන් සහ පිරිසුදු කිරීමේ සේවකයින්ගේ සහභාගීත්වයෙන් කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට පිරිසිදුභාවය නිරීක්ෂණය කිරීමේ හා පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
මෙම වැඩසටහන ඩෙංගු මර්දන සතිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර රාජ්‍ය ආයතන පරිශ්‍රයන්හි පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාමත්, ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කිරීම පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු විය.
පොළොන්නරුව අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධව කාලයක් පුරාවට නොවිසඳුනු දීර්ඝ කාලීන බදු ගැටලු විසඳීම, හිඟ බදුකරුවන් සමඟ සාකච්ඡාව හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දේශපාලන අධිකාරිය සමඟ ඉඩම් ගැටලු ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා වන තෙදින ජංගම සේවයක් ජුනි මස 17,18 සහ 19 තෙදින පුරාවට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් හා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී දීර්ඝ කාලයක් පුරාවට නොවිසඳුනු ඉඩම් බදු ආශ්‍රිත ගැටලු රැසක් විසඳා ගැනීමට අවස්ථාව ලැබුණු අතර හිඟ බදු කරුවන් හා සාකච්ඡාව තුළින් බදු කරුවන් දැනුවත් කිරීමටද අවස්තාව සැලසිණි.
කතුහිමිකම © 2026 ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.