ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்

Land Commisioner General's Department

ජංගම සේවා තොරතුරු

2025.06.17,18,19 සහ 20 දින වල නැගෙනහිර පළතේ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක තුල සුනාමි දීමනාපත්‍ර සැකසීමේ කාර්යන් කඩිනම් කිරීම උදෙසා ජංගම සේවා වැඩසටහනක් පොතුවිල්,මන්මුනේ උතුර හා වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මූලික කර ගනිමින් පැවැත්විනි. මෙහෙදී සුනාමි දීමනාපත්‍ර සැකසීම සදහා සුදුසුකම් ලද අයදුම්පත් 375 ආසන්න ප්‍රමාණයක් ඉදිරි කටයුතු සදහා ඉ.කො.ජ්.දෙ වෙත රැගෙන එන ලදී. මේ සදහා සහය දැක්වු සියලු ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත ස්තූතිය පුද කරමි.

උතුරු පළාතේ රජයේ ඉඩම් සම්බන්ධව පවතින ඉඩම් ගැටලු සදහා විසදුම් ලබා දීමේ අරමුණින් 2025 මාර්තු මස 19,20 සහ 21 දිනයන්හි දී ජංගම සේවා වැඩසටහනක් උතුරු පළාත් ඉඩම් කොමසාරිස් කාර්‍යාලය දී පැවැත්විණි.

හදුනාගත් ගැටලු 50කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව ක්ෂේත්‍ර පරීක්ෂාවකින් අනතුරුව විසදුම් ලබාදීම සහ ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාතේ ඉඩම් කලමණාකරණය සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්විණි.