ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்
Land Commissioner General's Department
Ministry of Agriculture, Livestock, Land and Irrigation
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ තෛපොංගල් දින සැමරුම් උත්සවය ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පසුගියදා පැවැත් විණි. මෙහිදී නව වසරට ආශීර්වාද කිරීම අරමුණු කරගනිමින්, හින්දු ආගමික වතාවත් හා චාරිත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් විචිත්‍රවත් උත්සවයක් සංවිධානය කර තිබූ අතර මෙම සැමරුම , කාර්ය මණ්ඩලයේ සමගිය හා සහජීවනය වර්ධනය කිරීමට හා ඒකාකාරී සේවා පරිසරයෙන් මිදී වෙනස් අත්දැකීමක් ලබා ගැනීමට ද මහඟු අවස්ථාවක් විය.
වීඩියෝ දර්ශන2026 ජනවාරි මස 19,20,21 තෙදින ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් අම්පාර අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්‍යාලය හා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයන් වලදී හිඟ බදු හා ඉඩම් ගැටලු ආශ්‍රිත ජංගම සේවාවන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සාකච්ඡාවක් පවත්වන ලදි.
ඒ අනුව 19 දින බදු ගොනු පරීක්ෂාව, 20 හිඟ බදු කරුවන් සමඟ සාකච්ඡාව හා ක්ෂේත්‍ර පරීක්ෂාවන්ද 21 අම්පාර ව්‍යාපාරික ප්‍රජාව සමඟින් මෙන්ම අම්පාර දිස්ත්‍රික් ලේකම්, අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ සහභාගීත්වය සමඟින් දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් වරුන් සමඟින්ද සාකච්ඡාවක් පවත්වන ලදි.
ගොණු කළමනාකරණය සහ රාජකාරී ලිපි ලිවීම සම්බන්ධව පුහුණු වැඩසටහනක් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලයේ නිලධාරීන් සඳහා, වාරිමාර්ග අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන) තිලංකා වෙත්තසිංහ මහත්මිය විසින් 2025.12.17 සහ 18 දෙදින ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේදී පවත්වන ලදී.
රජයේ ඉඩම් සඳහා නිදහස් දීමනාපත්‍ර ලබාදීමේ "හිමිකම" වැඩසටහන, e-Slims පද්ධතිය හරහා හිමිකම දීමනාපත්‍ර සකස් කිරීම සහ e-Slims පද්ධතිය හරහා ඉඩම් රාජකාරි සිදු කිරීමේදී ඇතිවන ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ඉඩම් අංශ නිළධාරීන් වෙනුවෙන් පවත්වන ලදී.
ඉඩම් කොමසාරිස් ජනරාල්තුමාගේ අධීක්ෂණය යටතේ සබරගමුව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන්, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වයෙන් 2025 දෙසැම්බර් 09 වන දින යටියන්තොට ගොමාඩුව ග්‍රාමීය සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.
රජයේ සේවකයන්ගේ විනය සහ නිවාඩු සම්බන්ධව පුහුණු වැඩසටහනක් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලයේ නිලධාරීන් සඳහා, පොළොන්නරුව සහකාර මැතිවරණ කොමසාරිස් මනෝජි තිලක්ෂිකා මහත්මිය විසින් 2025.12.16 දින ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේදී පවත්වන ලදී.
දිවයිනට බලපෑ හදිසි ආපදා තත්වය හේතුවෙන් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ මහියංගනය අන්තර් පලාත් කාර්යාලය ජල ගැලීම් මගින් දැඩි හානියට ලක්වී ඇත. මෙම හානිය නිරීක්ෂණය කර ගත යුතු පියවරයන් පිලිබඳ අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි මහතා 2025.12.11 දින එම කාර්යාලයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.එහිදී හානියට පත් ලේඛන ප්‍රතිස්ථාපනයට ගත යුතු පියවර සම්බන්ධව සාකච්ඡා වූ අතර විශේෂයෙන් බදු ලෙජර ඇතුළු අත්‍යවශ්‍ය ලිපිගොනු රාශියක් ගංවතුරට හසුවීමෙන් විනාශයට පත්වී තිබීම ඉතා ගැටළුකාරී තත්වයක් බව නිරීක්ෂණය විය.
තවද මහියංගනය සංචාරක නිවාසය හා කොමසාරිස් නිල නිවාසය අඩි 4ක් පමණ ජලයෙන් යටවී තිබී ඇත.මෙහිදී අන්තර් පළාත් කාර්යාලයේ විනාශ වී ඇති පරිගණක, පුටු, මේස ඇතුළු භෞතික සම්පත් කඩිනමින් සැපයීමටත් අවශ්‍ය පියවර ගැනීමට තීරණය විය. මෙම අවස්ථාවට අන්තර් පලාත් ඉඩම් කොමසාරිස් එම්. එම්. කේ. පුෂ්පකාන්ති මිය, සහකාර ඉඩම් කොමසාරිස් ආර්. එම්. බී. පී. රණතුංග මයා සහභාගී වූ අතර විපතට පත් කාර්යාලයේ නිලධාරීන්ගේ නිවාස කිහිපයක්ද නිරීක්ෂණයට භාජනය වූ අතර ආපදා හානි ගෙවීමේදී දේපල හානියට පත් වූ නිලධාරීන් වෙත ප්‍රමුඛත්වය ලබාදීමටද තීරණය කරන ලදී.
රජයේ ඉඩම් තොරතුරු සහ කළමනාකරණ පද්ධතිය හෙවත් eSlims පද්ධතිය හරහා ඉඩම් කච්චේරි යෝජනා අනුමැතියට ඉදිරිපත් කිරීම, ඉඩම් කච්චේරි පැවැත්වීම සහ අභියාචනා/ විරෝධතා පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධව පුහුණු වැඩසටහනක් අනුරාධපුර අන්තර් පලාත් බලප්‍රදේශයන්හි රාජකාරි සිදුකරන නිලධාරීන් වෙනුවෙන් 2025-11-20 සහ 21 දෙදින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිගණක ඒකකයේදී පවත්වන ලදී.
ඉඩම් කොමසාරිස් ජනරාල්තුමාගේ උපදෙස් පරිදි අනුරාධපුර අන්තර් පළාත් ඉඩම් කොමසාරිස්තුමා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිවාස පිරිසිදු කිරීමේ ශ්‍රම මෙහෙයුම.
රජයේ ඉඩම් තොරතුරු සහ කළමනාකරණ පද්ධතිය හෙවත් e-Slims පද්ධතිය හරහා රජයේ ඉඩම් සම්බන්ධව රාජකාරී කටයුතු ව්‍යාප්ත කිරීම සඳහා දිවයිනම ආවරණවන පරිදි සම්පත් දායක සංචිතයක් ස්තාපිත කරන ලදී.
එම සංචිතය අදියරයන් 04 ක් යටතේ පුහුණු කිරීම සිඳුකරනු ලබයි. එහි පළමු අදියරේ පුහුණු කටයුතු 2025.10.15 සහ 16 දෙදින රත්මලාන ඉඩම් තොරතුරු සහ කළමනාකරණය පුහුණු මධ්‍යස්ථානයේ දී ඉඩම් කොමසාරිස් ජනරාල්තුමාගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ, ත්‍රිකුණාමලය අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ විෂය නිලධාරීන් වෙනුවෙන් රජයේ ඉඩම් තොරතුරු සහ කළමනාකරණ පද්ධතිය හරහා ඉඩම් කච්චේරි පැවැත්වීමේ වැඩසටහනක් 2025.09.25 සහ 26 දෙදින ත්‍රිකුණාමලය අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේදී පවත්වන ලදී.
කතුහිමිකම © 2026 ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.