දීර්ඝ කාලීන බදු ඔප්පුවක් ලබා ගනිමු.
Q: රජයේ ඉඩමක් සඳහා දීර්ඝ කාලීන බද්දක් ලබාගත හැක්කේ කාටද?
A:
- ටෙන්ඩර්, ඉඩම් කච්චේරි වෙන්දේසි මගින් තෝරා ගත් අයෙකුට
- පුණ්‍යමය, ආගමික හෝ විද්‍යාත්මක කටයුත්තකට රජයේ ඉඩමක් ඉල්ලා සිටින අයෙකුට
- ප්‍රජා කටයුතු සඳහා ප්‍රජා සමිතිවලට
- සමූපකාර සමිතිවලට
- රජයේ අනුබද්ධ සංස්ථාපිත ආයතනවලට (බැංකු, සංස්ථා, මණ්ඩල)
- වාණිජ හෝ කාර්මික හෝ කෘෂිකාර්මික ව්‍යපෘතිවලට
Q: දීර්ඝ කාලීන බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය වන ලියකියවිලි මොනවාද?
A:
පුද්ගලයෙකු නම්,
- ඉල්ලීම
- යම්කිසි බලපත්‍රයක් හෝ ලිඛිත අවසරයක් වේ නම් එම බලපත්‍රය හෝ අවසරපත්‍රය
- දිවුරුම් ප්‍රකාශය (තමාවෙත පවතින ඉඩකඩම් අක්කර 50 ක සීමාවක පවතින බවට, ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත් කරන ආකෘතියට අනුව)
- මැණුම් පිඹුර හෝ දළ අනුරේඛනය
- බදු ගෙවන බවට දිවුරුම් ප්‍රකාශය
පොදු සමිතියක් නම්,
- සමිතියේ ඉල්ලීම
- ලියාපදිංචි කිරීමේ සහතිකය
- සමිති ව්‍යවස්ථාව
- දිවුරුම් ප්‍රකාශය
- මැණුම් පිඹුර හෝ දළ අනුරේඛනයක්
සීමිත සමාගමක් නම්,
- ලියාපදිංචි කිරීමේ සහතිකය
- අධ්‍යක්ෂවරුන්ගේ විස්තර
- ව්‍යාපෘති වාර්තාව
- දිවුරුම් ප්‍රකාශය
- මැණුම් පිඹුර හෝ දළ අනුරේඛනය
Q: බදු ඔප්පුවක තිබෙන කොන්දේසි මොනවාද?
A:
- බදු කාලය වසර 30 කි.
- වාර්ෂිකව බදු කුලිය ගෙවිය යුතුය.
- සෑම වසර 5 කට වරක්ම 5% කින් බදු ප්‍රමාණ සංශෝධනය වේ. (මෙය නේවාසික ඉඩම් සඳහා අදාළ නොවේ.)
- ඉඩම ලබාගත් කාරණයෙන් පරිබාහිර කාරණයකට යෙදවිය නොහැක.
- ඉඩම මනා සංවර්ධන තත්ත්වයක් යටතේ පවත්වා ගෙන යා යුතුය.
- ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ පූර්ව විධිමත් අවසරයකින් තොරව අතුරු බදු, උකස් හා පැවරුම් කිරීම සිදු කළ නොහැක.
- බදු දෙනු ලබන අරමුණට අදාළව විශේෂ කොන්දේසි ඇතුලත් කළ හැකිය.
- කොන්දේසි කඩ කිරීමකදී බදුකරය අවලංගු කිරීමට කටයුතු කළ යුතුය.
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඔප්පුවක/ දීමනා පත්‍රයක අයිතිය ලබා ගනිමු
Q: ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ මෙතෙක් නිකුත් කර ඇති ඔප්පු මොනවාද?
A:
- ස්වර්ණභූමි
- ජයභූමි
- රත්නභූමි
- රන්බිම
Q: ඔප්පුවක/දීමනා පත්‍රයක ඇති වැදගත්කම කුමක්ද?
A:
- ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඔබ මෙතෙක් කල් බලපත්‍රයක් මත සංවර්ධනය කළ ඉඩමක අයිතිය ලබාදීමට ගරු ජනාධිපතිතුමන් විසින් අත්සන් කරන ලද නීත්‍යානුකූල ලියවිල්ලකි.
Q: ඔප්පුවක්/දීමනා පත්‍රයක් ලබා ගැනීම සදහා අවශ්‍ය සුදුසුකම් මොනවාද?
A:
- ඔබට ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍රයක් මත ඉඩමක් ලැබී තිබිය යුතුය.
- ඉඩම හොඳින් සංවර්ධනය කර තිබිය යුතුය. පදිංචියට දුන් ඉඩම් නම් නිවසක් සාදා පදිංචිව සිටිය යුතුයි.
- රජයට මුදල් ගෙවීමට ඇත්නම් එම මුදල් ගෙවා අවසන් කල යුතුය.
- ඉඩමට ආරවුල් තත්ත්වයක් නොපැවතිය යුතුය.
- ඉඩම මැනුම් කළ තිබිය යුතුය.
Q: ඔප්පුවක්/දීමනා පත්‍රයක් ලබා ගත හැක්කේ කෙසේද?
A:
- ඔබ ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් ඔබගේ ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී හෝ ක්ෂේත්‍ර උපදේශකට භාර දෙන්න.
- ග්‍රාම නිලධාරී හෝ ක්ෂේත්‍ර උපදේශක ඉඩම පරික්ෂා කර බලා වාර්තාවක් ප්‍රාදේශීය ලේකම්,ඉඩම් කොමසාරිස්, සහකාර කොමසාරිස් (අන්තර් පළාත්) වෙත ඉදිරිපත් කරයි.
- ඉඩම් නිලධාරී/ ජනපද නිලධාරී ද ඉඩම පරික්ෂා කර ඔබ විසින් ඉඩම සංවර්ධනය කර ඇති බවට සහතික කල වාර්තාවක් ප්‍රාදේශීය ලේකම්,ඉඩම් කොමසාරිස්, සහකාර කොමසාරිස් (අන්තර් පළාත්) වෙත ලබා දේ.
- ප්‍රාදේශීය ලේකම්,ඉඩම් කොමසාරිස්, සහකාර කොමසාරිස් (අන්තර් පළාත්) මැනුම් දෙපාර්තමේන්තුව ලවා ඉඩම මැන මායිම් ගල් යොදා පිඹුර ලබාගනී.
- පිඹුර ලැබුණු පසු ප්‍රාදේශීය ලේකම්/ඉඩම් කොමසාරිස්/ සහකාර කොමසාරිස් (අන්තර් පළාත්) ඔප්පුව පිළියෙළ කර E-Slims පද්ධතිය හරහා ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කරයි.
- ඉඩම් කොමසාරිස් ජනරාල් ඔප්පුව පරික්ෂා කර නිවැරදි නම් ජනාධිපතිතුමාගේ අත්සන ලබා ගැනීම සදහා ජනාධිපති ලේකම් වෙත යොමු කරයි.
- ජනාධිපති ලේකම්ගෙන් අත්සන සහිත ඔප්පුව ලැබුණු පසු එය ප්‍රාදේශීය ලේකම් හෝ ඉඩම් කොමසාරිස්/ සහකාර කොමසාරිස් (අන්තර් පළාත්) වෙත යොමු කරයි.
- ප්‍රාදේශීය ලේකම් හෝ ඉඩම් කොමසාරිස්/ සහකාර කොමසාරිස් (අන්තර් පළාත්) ඔප්පුව සදහා සේවා ගාස්තු ලෙස රුපියල් 100 ක ගාස්තුවක් ගෙවන ලෙස ඔබට දන්වයි.
- එම මුදල නොපමාව ගෙවීම සදහා ඔබ ක්‍රියා කළ යුතුය.
- ඉන්පසු ප්‍රාදේශීය ලේකම් හෝ ඉඩම් කොමසාරිස්/ සහකාර කොමසාරිස් (අන්තර් පළාත්) විසින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ඔප්පුව ලියාපදිංචි කර එය ඔබ වෙත ලබා දේ.
Q: : ඔප්පුව/දීමනා පත්‍රය හා බලපත්‍රය අතර වෙනස්කම් මොනවද?
A:
බලපත්‍රය
- බලපත්‍රය යනු තාවකාලික ලියවිල්ලකි..
- සංවර්ධනය නොකිරීම, භුක්ති නොවිදීම හා අන්සතු කිරීම මත බලපත්‍රය අවලංගු කල හැක.
- බලපත්‍රය අත්සන් කරනුයේ ප්‍රාදේශීය ලේකම් හෝ ඉඩම් කොමසාරිස්, සහකාර ඉඩම් කොමසාරිස්(අන්තර් පළාත්) විසින්ය.
ඔප්පුව/දීමනා පත්‍රය
- ඔප්පුව/දීමනා පත්‍රයට ජනාධිපතිතුමා අත්සන් තබා ඇත..
- ඔප්පුව/දීමනා පත්‍රයක් මගින් බැහැර කළ ඉඩමක දීමනා පත්‍ර කොන්දේසි වලට යටත්ව ඉඩමේ අයිතිය දීමනා පත්‍රකරු වෙත හිමිවේ..
Q: ඔප්පුවකින් /දීමනා පත්‍රයකින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද?
A:
- ඔබගේ ඉඩම සංවර්ධනය කිරීමට හෝ ගේ දොර අලුත්වැඩියා කිරීම සදහා ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඔබගේ නිරවුල් ඔප්පුව බැංකුවකට උකස් කළ හැක..
- ඔබගේ දරුවෙකුගේ ණය මුදලක් සදහා ඇපයට තැබිය හැක.
- උසාවියක ඇපයකට තැබිය හැක.
- පදිංචි ඉඩම් වල පදිංචිය සනාථ කිරීමට අවශ්‍ය ලේඛනයක් සේ භාවිතා කළ හැක..
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන් ඔප්පුවක/දීමනා පත්‍රයක පසු අයිතිය නම් කිරීම
Q: දීමනා පත්‍රයක අනුප්‍රාප්තිය/ පසු උරුමය නම් කිරීම
A:
- දීමනා පත්‍රයක් මගින් ලැබුණු ඉඩමක පසු අයිතිය නම් කල හැක්කේ තමන්ගේ භාර්යාවට/ ස්වාමිපුරුෂයාට, දරුවන්ට හෝ ලේ නෑයෙකුට පමණි.
- ඔබ කැමැත්ත අනුව ඔප්පුවේ ඇති සීමාවන් අනුව ඉහත සදහන් අය වෙත කොටස් කර පසු උරුමය නම් කළ හැක.
- ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ඉඩම් කොමසාරිස්/ සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) කාර්යාලයෙන් ඉඩම් කොමසාරිස් කාර්යාලයෙන් ඉ.කො. 155 ආකෘති 3ක් ගෙන, එය සම්පුර්ණ කර නැවත භාර දෙන්න.
- එම ආකෘති පත්‍රය නොතාරිස්වරයෙක්, සාමදාන විනිශ්චයකාරවරයෙක්, ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් මගින් සහතික කරගත හැකිය.
- එම ලියවිලි ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි කර ඔබට එක් පිටපතක් භාර දේ.
- එම පිටපත සුරැකිව තබා ගන්න.
පසු අයිතිය නම් නොකළොත් .............
- අනුප්‍රප්තිකයා නම් නොකර මියගිය හොත් රජයේ ඉඩම් සම්බන්ධව පවතින පනත් ප්‍රකාරව ඉඩමට අදාළ අයිතිය ලැබේ.
- ඒ අනුව ඔබගේ උරුමකරුවන් වෙත ඔබ විසින් අනුප්‍රාප්තිය නම් කර නොමැති අවස්ථාවක ඔබගේ උරුමකරුවන් ප්‍රාදේශීය ලේකම්, ඉඩම් කොමසාරිස්, සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) කාර්යාල වෙත යොමු වී ඉඩමට අදාල උරුමය ලබා ගැනීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර ඉදිරි කටයුතු කරගත යුතු වේ.
Q:නම් කිරීමක් අවලංගු කළ හැකිද?
A:
- හැකිය.
- ඔබට අවශ්‍ය අය නම් කර, අලුත් ආකෘති 3ක් ලියාපදිංචි කළ විට කලින් නම් කිරීම අවලංගු වේ.
- වැඩි විස්තර දැන ගැනීමට පහත සදහන් අය හමුවන්න.
- ඔබේ ග්‍රාම නිලධාරී .
- ඔබේ ගමේ ජනපද නිලධාරී/ ක්ෂේත්‍ර උපදේශක.
- ප්‍රාදේශීය ලේකම් .
- ඉඩම් කොමසාරිස්, සහකාර ඉඩම් කොමසාරිස් අන්තර් පළාත්(දෙබරවැව, මහියංගනය, අම්පාර, අනුරාධපුරය, පොලොන්නරුව, කන්තලේ, මොණරාගල, ත්‍රිකුණාමලය) .
Q:දීමනා පත්‍ර ඉඩම බාහිර පාර්ශවයන් වෙත පැවරීමේදී?
A:
- පැවරුම්ලාභියා අදාල ආදායම් කාණ්ඩයේ හෝ ලේ ඥාතියෙකු විය යුතුය.
- ප්‍රාදේශීය ලේකම්ගේ හෝ ඉඩම් කොමසාරිස්, සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) ගේ පුර්ව අවසරය ලබාගෙන තිබිය යුතුය.
- එය පැවරුම් ඔප්පුවක් මගින් සිදුකළ යුතුය.
දීමනා පත්‍රයක් ඇපයට තබා ණය මුදලක් ලබා ගැනීම
Q:දීමනා පත්‍රයකින් ණයක් හෝ උගසක් ගන්නේ කෙසේද ?
A:
- ඉඩමක් ඇපයට තබා ණය ලබාගන්නා ක්‍රමවේදය ඔස්සේ අදාල ආයතන සමග ඔබටම ගනුදෙනු කළ හැකිය.
Q:ඔප්පුවට ඇපයට තබා ණය ගත හැකි ආයතන මොනවාද?
A:
- මහජන බැංකුව
- රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
- ලංකා බැංකුව
- ලංකා සංවර්ධන මූල්‍ය බැංකුව
- ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
- සීමාසහිත ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව
- සමූපකාර සමිති ආඥා පනත යටතේ ලියාපදිංචි සමිති සමාගම්
- ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන ලද වෙනත් ආයතන
- 1988 අංක 30 දරණ වාණිජ බැංකු පනත යටතේ ලියාපදිංචි ආයතන
- 1963 අංක 11 දරණ මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතන
- 1979 අංක 27 දරණ මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතන
- 1988 අංක 78 දරණ සංශෝධිත මුදල් පනත යටතේ ලියාපදිංචි ආයතන
Q:ගත් ණය නොගෙව්වොත්
A:
- අදාල උගස මුල්‍ය ආයතනය වෙත සින්න වූ විට මුල්‍ය ආයතනය එම ඉඩම විකුණා ණය මුදල අය කර ගැනීමට ක්‍රියා කරයි..
- ඒ අවස්ථාවේදී ඉඩම ආදායම් කාණ්ඩය නොසලකා ඕනෑම අයෙකුට මිලදී ගත හැක.
- එසේ වුවද ඉඩම මිලදී ගත් අය ඔප්පුවේ තිබෙන කොන්දේසි අනුව කටයුතු කිරීම අවශ්‍යයි.
- මිලදී ගත් අය විසින් එම ඉඩම නැවත පැවරීමේ දී ප්‍රාදේශීය ලේකම් හෝ ඉඩම් කොමසාරිස්, සහකාර ඉඩම් කොමසාරිස්(අන්තර් පළාත්) ගේ පුර්ව අවසර ලිපියක් ලබාගත යුතුය.
Q:දරුවෙකුගේ ණය මුදලකට ඇපයක් ලෙස ඔප්පුව තැබිය හැකිද?
A:
- හැකිය. එහිදී ඔබ ණය මුදලේ ඇපකරු බවට පත් වේ.