ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව 

දුරකථන අංකය : +94 11 2797400 

 .

     ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව     Land Comissioner General's Department of Sri Lanka

 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම  

ඉහත පනත යටතේ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.  

 

 

තොරතුරු නිලධාරියා

නම: එස්. ඒ. එන්. එම්. සිරිවර්ධන මිය තනතුර: ඉඩම් කොමසාරිස් (පාලන) ලිපිනය: ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, "මිහිකත මැදුර", නො.1200/6, රජමල්වත්ත පාර, බත්තරමුල්ල බත්තරමුල්ල

 

දුරකථන අංක: 011-279 7479 (දිගුව - 4014) ෆැක්ස්: 011-287 3033 විද්‍යුත් තැපෑල: land.establish@gmail.com

 

තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,

තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම, පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,

 

පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,

 

සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,

 

වැඩිපුර ගාස්තු අයකිරිම,

 

ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,

 

එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම

 

මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න

 

නම් කළ නිලධාරියා

නම: කේ. ඩී. බන්ධුල ජයසිංහ මයා

තනතුර: ඉඩම් කොමසාරිස් ජනරාල්

ලිපිනය: ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව,

"මිහිකත මැදුර",

නො.1200/6, රජමල්වත්ත පාර,

බත්තරමුල්ල

 

දුරකථන අංක: 011-286 5824 (දිගුව - 4122)

ෆැක්ස්: 011-286 4051

විද්‍යුත් තැපෑල: lcglandcom@gmail.com

 

තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්‍රය (Add RTI form pdf)

Design by: www.diablodesign.eu